සුහුරු ගමේ කඩේ (SMART SHOP)

  • නගරයේ සුපිරි වෙළඳසැල් වලට පමනක් සීමා වූ තාක්ෂණය ගමේ කඩයට හදුන්වා දී ගමේ කඩේ සක්‍රීය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ වියාපෘතිය. මේ තුලින් ගමේ කඩේ යන අර්ථය වෙළඳ වටිනාකමක් ලබා දී ඉතා පහසු වෙළඳ මධ්‍යාස්ථානයක් බවට පත් කර එහි ප්‍රතිලාභ දිස්ත‍්‍රික්කයේ හා අප රටේ ජාතික ආර්ථිකයට ලැබෙන්න සැලැස්සවීම මූලික අරමුණයි. මේ සඳහා මූල්‍ය පහසුකම් ලබාදීමටද බලාපොරොත්තු වේ.

මැණික්, හුණුගල් හා ඒ ආශ්‍රිත ඛනිජ සම්පත්

  • සෑම මාස 3කට වරක් ජාත්‍යන්තර ආයෝජකයන් මාතලේ දිස්ත‍්‍රික්කයට ගෙන්වා “හදන් හැදෙන මාතලේ” ප්‍රදර්ශණය සිදු කිරීමට බලාපොරොත්තු වන අතර මෙහිදි වර්ෂයකට අවම ඇමෙරිකානු ඩොලර් මිලියනයක ගණුදෙනු සිදු කිරීමට අවශ්‍ය පරිසරය සැකසීමට මා බලාපොරොත්තු වේ.
  • ඛනිප් සම්පත් වෙනුවෙන් හා මාතලේ ස්වාභාවික සම්පත් වෙනුවෙන් මතලේට පැමිනෙන සංචාරකයන්, ගණුදෙනු කරුවන් හා සියලුම මිනිසුන් වෙනුවෙන් සිත් ඇදගන්නාසුළු තොරතුරු මධ්‍යස්ථානයක් ඇති කිරීමට බලාපොරොත්තු වේ.
  • විශ්‍රාමික ගෞරවාන්විත පුරවැසියන්. පූජකයින් හා සමාජ්‍ය සුවපත් කිරීම වෙනුවෙන් සමාජ මෙහෙවරක යේදි සිටින මිනිසුන්, ආභාධිතහෝ නිරන්තරයෙන් පිලිසරනක් ඇවැසි මිනිසුන් හා නිදන්ගතරෝග තුලින් හා දිගු කාලින සෞඛ්‍ය ගැටලු තුලින් පීඩාවිදින මිනිසුන්
  • මේ මිනිසුන් අප වෙනුවෙන් අපගේ සාමාජයේ පැවැත්ම වෙනුවෙන් වෙහෙස වූ කැප වූ මිනිසුන් බැවින් “මාතලේ යුතුකම” නම් අරමුදලක් වෙන් කර හැකි සැම විටකම ඔවුන් ලගින් සිට බලා ගැනීමෙ වැඩ පිලිවලක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ. අප කල යුත්තෙ මනුස්ස කම් හදුනන යුතුකම් ඉටු කල හැකි දේශපාලනයකි.

සියලු රාජ්‍ය සේවකයින්, නිලධාරී හා ආරක්‍ෂක අංශය

  • සියලු රාජ්‍ය සේවකයින්, නිලධාරී හා ආරක්‍ෂක අංශය කාර්යක්ෂමතාවය ප්‍රමුඛ කරගත් රාජ්‍ය සෙවයක් තුළ මාතලේ සංවර්ධන වැඩපිලිවෙලවල් කඩිනම් කිරීම. මෙහිදි සියලු රාජ්‍ය සෙවකයින්ගේ යටිතල පහසුකම් හා මූලික අවශ්‍යතපිලිබඳ ඉතා ඉහල අවදානයක් ලබා දි ඔවුන් සෙවාව තුල නිදහස් මිනිසුන් බවට පත්කිරීම.

  • පාර්ලිමේන්තුව තුලදි රාජ්‍ය සේවකයන්ගේ නිශ්චිතපටිපාටියකට පඬි හා දීමනා වැඩි කිරීම පිලිබඳ හඬ නැගීම හා ඒ තීරණ ක්‍රියාත්මක කිරීමට මැදිහත් වීම.

ප්‍රවාහන ක්ශේෂ්ත්‍රයේ ව්‍යාවසායකයන් (ත්‍රීරෝද රථ, බස් හා කූලි ලොරී වැන් ආදී සියලු අංශයන්)

  • මාතලේ ඉතා ස්වාභාවික සෞන්දර්යයෙන් පිරුණූ සුන්දර සංචාරක දිස්ත‍්‍රික්කයක් ලෙස මා හදුනාගෙන ඇත. එබැවින් එංගලන්තයේ, ඩුබායි රාජ්‍යයේ, ඇමෙරිකාවේ වැනි රට වල ක්‍රියාත්මක වන පරිසර හිතකාමි අධි සුපෝකබෝගී බස් සෙ-වාවක් මුලින්ම මාතලේ දිස්ත්‍රික්කය තුල ඇති කිරීමට බලා-පොරොත්තු වෙනවා. දැනටමත් මේ වෙනුවෙන් ජාත්‍යාන්තර ආයෝජන සක්‍රීය වී ඇති අතර මේ තුලින් නව තාක්ෂණය පිරුණූ සෙවාවක් සියලු දිස්ත්‍රික්කයේ වැසියන් වෙත ලබා දීමට හැකි බව මා සතුටින් සඳහන් කරමි.

මාතලේ දිස්ත‍්‍රික්කයේ වතු කම්කරුවන් වෙනුවෙන් වූ යොජනා

  • වතු කම්කරුවන් වෙනුවෙන් නිවාස ලක්‍ෂයක් යන තෙමාව යටතේ ඉදිරි අවුරුදු 5 අතුලත අංග සම්පූර්ණ ජීවත්වීමට සුදුසු නිවාස 5000ක් ජනතා අයිතියට පත්කිරීමට බලාපො-රොත්තු වේ.

  • වතු කම්කරුවන් වෙනුවෙන් නිවැරිදි පඩි ක්‍රමයක් හා එම රැකියාවට ගෞරවාන්විත නමක් හා අගයක් ලබා දීමට අප බලාපොරොත්තු වෙමු. මෙහිදි වතු හිමියන්ද රජයද කමක-රුව ද එකඟ වන සාධාරණ ක්‍රම වෙදයකට අප එකඟ විය යුතුව ඇත. ඇඟලුම් ක්ෂේත්‍රය මෙන් පඬි ක්‍රමය බිහිකිරීම අපගේ යෝජනාවයි.

තරුණයන් වෙනුවෙන් වූ වැඩපිලිවෙල

  • තරුණයන් වෙනුවෙන් රැකියා 10,000 ක් පස් අවුරුදු වැඩපිලිවලක්. මෙහිදි ඔවුන් සතුව ඇති අධ්‍යාපන සුදුසුකම් හා වෘත්තීය සුදුසුකම් සලකා බලා දේශීයව හා විදේශීයව අවස්ථාවන් ලබා දීමට බලාපොරොත්තු වේ.

කාන්තාවන් සවිබලගැන්වීම

  • කලා නිර්මාණ, උපකරන, කල්තබාගත හැකි ආහාර, ඇසුරුම්, ඇඟලුම් හා කෘෂි නිශ්පාදන ආදී ඉතා කුඩා ඉඩ කඩක් තුල නිර්මාණය කල හැකි සියල්ල වෙනුවෙන් වූ සුහුරු විකුණුම් මධ්‍යස්ථානය 30ක් මාතලේ දිස්ත‍්‍රික්කය පුරා ඇති කිරීමට බලාපොරොත්තු වේ. 80%ක් කාන්තා නියෝජනය තුලින් මෙම වැඩසටහන් දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කර සිදු කිරීමට බලාපොරොත්තු වේ.

කෘෂිකර්මාන්තය ආශ්‍රිත ව්‍යවසායකයන් හා ගොවියන් වෙනුවෙන් වූ වැඩපිලිවල

  • සැහැල්ලු කෘෂි උපකරණ නිශ්පාදනය කරන ග්‍රාමීය කර්මාන්ත ශාලා 8ක් දිස්ත්‍රික්කය පුරා බිහි කිරීම.

  • පොහොර සැකසුම් මධ්‍යස්ථානය 20ක් දිස්ත්‍රික්කය පුරා බිහිකිරීම. (දේශිය හා විදේශිය අවශ්‍යතාවයන් මේ වන විටත් හදුනාගෙන ඇත)

  • ගෝවින් හට හෙක්ටයාර් 1කට අවම පනස්දහසක මුදල් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වේ.

  • අපනයන කෘෂි නිශ්පාදන එකතු කරන මධ්‍යස්ථාන 10ක් බිහි කිරීම.

  • දැනට නොනිදන කෘෂි ආර්ථික මධ්‍යස්ථානය වන දඹුල්ල මධ්‍යස්ථානය සඳහා ශ්‍රිතාගාර පහසුකම් ලබාදීම. මෙහිදි මෙම පහසුකම් එලවලු රැගෙන එන ගොවියාටද වෙලෙන්දා හටද සමානව ලබාදීම. මෙමගින් ස්ථාවර මිලක් පවත්වා ගෙන යා හැකි අතර නිශ්පාදන අපතේ යාම වලකා ගත හැක.

  • තවද එවැනි ශ්‍රීතාගාර පහසු කම් සැම ගමකටම ලබාදීම වෙනුවෙන් ජාත්‍යාන්තර ආධාර ලබාගැනීමට මා බලාපොරොත්තු වේ.

  • දිස්ත්‍රික්කයේ තරුණයන් කෘෂි ව්‍යවසායකයන් කල යුතුව ඇත. ඒ වෙනුවෙන් දේශිය හා විදේශීය පාඨමාලාවන් වෙනුවෙන් තරුණයන් යොමු කිරීම මාගේ අරමුණයි.

  • ගොවි ගැටලු ව්‍යාවසායක ගැටලු කතා කිරීම සඳහා මා මාගේ මහජන දිනය තුල විශේෂ ඉඩ කඩක් වෙන්කිරීමට බලාපොරොත්තු වේ.

  • මාගේ අරමුණ 2028 වන විය ශ්‍රී ලංකා ආදර්ශමත්ම හා වැඩිම ආදායම් ලබාගන්නා කෘෂි දිස්ත්‍රික්කය බවට මාතලේ දිස්ත්‍රික්කය පත් කිරීමයි.

Copyright © 2025 Nawa Janatha Padanama Developed By Loopz Global (Pvt) Ltd Inspiro Theme by WPZOOM